බොන්සායි ගහක් හදාගමු
බොන්සායි ගහක් හදාගන්න එක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් හදාගත්තට පස්සේ ඒකේ ලස්සන ඉවර වෙන්නේ නෑ. ඒකට අවුරුද්දක් දෙකක් විතර යනවා. ඒ නිසා මේක side project එකක් විදියට කරගෙන යන එක තමයි හොඳ. බොන්සායි කියන්නේ කෑම වතුර නොදී හදන ගස් ජාතියක් නෙවෙයි. ඒවාටත් අනිත් ගස් වලට වගේම හොඳට වතුර, පොහොර, ඉර එලිය ලබා දෙන්න ඕනෑ. ඒ නිසා ගේ ඇතුලේ තියාගෙන මේක කරන්න බෑ. එළියේ හරි සඳලුතලේ හරි තියාගන්න. උදේ වරුවේ ඉර එලිය ලැබෙන තැනක් නම් ගොඩක් හොඳයි. හවස් වරුවේ ඉර එලිය ගස් වලට සැර වැඩියි.
ඉස්සරවෙලාම වැඩේට හරියන පැලයක් තෝරා ගන්න ඕන. මුල හරියෙන් මහත තියෙන ඉක්මනට වර්ධනය වෙන කඳේ පහලින් අතු බෙදිච්ච පැලයක් හොයා ගන්න. කඩෙන් ගන්න යන්න අවශ්‍ය නෑ. වැටවල් අයිනේ මේ වගේ කුඩම්මාගේ සැලකිලි ලැබිච්ච ගස් ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්.
මාංසල ගතිය වැඩි අතු හැදෙන ගස් ගන්න එපා.
කැන්ද වගේ ලොකු කොළ තියෙන ගස් ගන්නත් එපා. පලවෙනි බොන්සායි එකට නුග වගේ ගස් ගන්නත් එපා. මේ වගේ කොළ රිකිලි හැදෙන ගස් ගන්නත් එපා.
කඳ හීනී පැලයක් ගත්තොත් ගොඩක් කල් යන නිසා කඳ තරමක් මහත පැලයක්ම හොයා ගන්න. හීනීයට අතු බෙදෙන ගහක් නම් තවත් හොඳයි. උස වැඩි නම් රතු ඉර ලඟින් කපන්න.
බොන්සායිකරනයෙදී අමාරුම දේ තමයි මේ වගේ විහිදිච්ච මුල් ටිකක් හදාගන්න එක.
ඒ නිසා එහෙම ස්වාභාවිකවම හැදිලා තියෙන පැලයක් හොයා ගන්න ලැබුනොත් වාසනාව. ඒ වුනාට අපිට ගොඩක් වෙලාවට ලැබෙන්නේ මේ වගේ පැල.
තෝරාගත්ත පැලයේ මුදුන් මුල කපන්න. ඒකෙන් බලා පොරොත්තු වෙන්නේ උස අඩු පෝච්චියකට දාන්න පුළුවන් වීමත්
මේ වගේ පැතිරිච්ච මුල් පද්ධතියක් හදාගන්න එකත්.
පැලේ ලොකු පෝච්චියක හිටවාගන්න. පොඩි පැතලි බොන්සායි බඳුනකට දාන්නේ අන්තිමේටම. මිශ්‍රණය වැලි:කොම්පෝස්ට්:මතුපිට පස් 1:1:1. මැටි සහිත පස් දාන්න එපා. බුරුල් මිශ්‍රණයක් තමයි ඕන. පෝච්චිය පතුලේ හිල් අනිවාර්යයි.
හැමදාම හොඳට වතුර දාන්න. උපරිම වර්ධන වේගය ලබා ගන්න. පෝච්චියේ වතුර එකතු වෙන්න දෙන්න එපා. බොන්සායි ගහක් හදනවා කියන්නේ වර්ධන වේගය අඩු කරන ලද ගහක් හදනවා කියන එක නෙවෙයි. බොන්සායි ගහ හදන කාලය අඩු කර ගැනීම සඳහා හැකි උපරිම වර්ධන වේගය ලබාගන්න ඕනෑ. අන්තිමේට තමයි වර්ධන වේගය අඩු කරන්නේ.
මේ තියෙන්නේ මගේ කුඹුක් පැලේ. මේකේ දල්ල කැඩුවේ මාස කීපයකට කලින්. දැන් අතු බෙදිලා.
ගහට ගැලපෙන හා තමන් කැමති ස්ටයිල් එක හිතාගන්න.
ගහ වටේටයි අතු වලයි බයින්ඩින් කම්බි ඔතන්න. එතකොට ඕන ඕන පැත්තට අතු නවාගන්න පුළුවන්.
මේක informal upright style එකට නවලා තියෙන්නේ.
මං මුලින්ම බැලුවේ semi cascade වගේ එකක් හදන්න. ඒ වුනාට අන්තිමේට හැදුවේ වෙනත් එකක්.
මාස ගණනකට පස්සේ හොඳට වටේටම අතු බෙදිලා ගියා. කම්බි දාලා අවශ්‍ය පැති වලට අතු නවා ගන්න ඕන. අතු ගොඩක්ම වැවෙන්නේ ඉහලට. පැත්තට නෙවෙයි.
අතු කපන්න කපන්න මේ විදිහට දළු දානවා. හැබැයි ඒක ගහෙන් ගහට වෙනස් වෙනවා.
ගහේ කොළ සම්පූර්ණයෙන්ම කඩලා අයින් කරන්න. එතකොට හැම තැනින්ම අලුත් දළු දානවා. මේ වගේ,
කඳෙන් ආපු කොලත් ඊ ලඟට තියෙන ලොකු අතු වලින් ආපු කොලත් ඒ ලඟම තියෙන පොඩි පොඩි රිකිලිත් අයින් කරලා කඳ හා ඒ අවට නිදහසේ තියන්න. මේ වගේ.
මාස 4-5ක් පෝච්චියේ තිබ්බාම මේ වගේ හැමතැනම මුල් දුවලා ලොකු මූල පද්ධතියක් හැදෙනවා. එතකොට දවස් දෙක තුනක් වතුර නොදා ඉඳලා පස ටිකක් තද වුනාම ගහ මුලුත් එක්ක පොච්චියෙන් ගලවලා ගන්න.
අඟල් 6 ට වඩා දිග මුල් ඔක්කොම බය නැතුව කපලා දාන්න.
මේ වගේ මුල් බෝලයක් හදා ගන්න.
අලුතින් පස් මිශ්‍රණය දාලා හිටවාගන්න. මෙහෙම කලාට පස්සේ අඩුවුණු මුල් ප්‍රමාණයට සමානුපාතිකව කොළ කප්පාදුවකුත් කරන්න. මේ වැඩේ මාස කීපයකට සැරයක් කරන්න ඕන.
තමන් බලාපොරොත්තු වූ style එකට ආසන්න වෙන විදියට අතු ටික නවා ගන්න. මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන කඳේ හැඩය හා ලොකු අතු වල හැඩය දිශාව හදා ගන්න එක. කොළ හා කුඩා රිකිලි ගැන හිතන්න එපා.
කප්පාදු කරලා කම්බි බැඳීමෙන් පමණක් කරන්න පුළුවන් වෙනස බලන්න.
මාස ගානක් ගියාම ආයේ හොඳට වැවෙනවා.
ආයෙත් කොළ කඩලා අලුත් අතු රිකිලි කම්බි දාලා ගසෙන් ඉවතට විහිදෙන විදිහට නවා ගන්න. මාසයක් විතර ගියාට පස්සේ කම්බි ගලවන්න. අවශ්‍ය නම් අලුත් කම්බි දාලා ආයෙත් බඳින්න.
අනවශ්‍ය අතු කපා ඉවත් කරන්න ලෝබ වෙන්න එපා. මේ වගේ කෙටි අතු පද්ධතියක් හදා ගන්න.
මෙහෙම කීප පාරක් මාස තුනෙන් තුනට වගේ කරන්න වෙනවා.
තවත් මාස ගණනකට පස්සේ.
Rate this project
16976total visits,1visits today
I want to start this in this weekend. Thank you for the detailed instructions.
Very informative. Sent the URL to a lot..
thank you for the information……..
Comment
හරි, මගෙ තියනවා බෝ ගහකුයි නුග ගහකුයි.දෙකම pot කරල තියෙන්නේ. photos එවන්නම්.
Commentමමත් කරගෙන යනව පොටෝ එවන්නම්