වැල් කූඩයක් වියන හැටි

වත්තේ පිටියේ ඇවිදලා වැල් ටිකක් එකතු කරගන්න. කිරි වැල්, බොකල වැල් එහෙම හොඳයි.

වතුර භාජනයක ඒ ටික ගිල්වලා සතියක් විතර පල් කර ගන්න.

සතියකින් විතර වැලේ පිට පොත්ත කුණු වෙන්න ගන්නවා.

එතකොට ලේසියෙන්ම පොත්ත ඇරගන්න පුළුවන්.

මේ විදියට වැල් ටික සුද්ද කරලා සබන් කුඩු ටිකක් දාලා හොඳට හෝදා ගන්න.

තෙත ගතිය තියෙන වෙලාවේ වියාගන්නවා නම් ලේසියි. ඒත් ඒ වෙලාවට කම්මැලි නිසා වැල් ටික පවනේ වේලාගන්න.

වෙලුනාම ටිකක් දරදඬු වෙනවා. ඒ නිසා වියන්න කලින් වතුර එකක පොඟවලා ටිකක් මෘදු කරගන්න. ඊට පස්සේ වියන්නයි තියෙන්නේ.

පුරන හැටි මේ රූපේ බලලා හිතාගන්න. අරීයව මහත වැල් ඔත්තේ ගානක් තියෙන්න ඕනෑ. ඊට පස්සේ දිග වැලකින් එකක් උඩින් එකක් යටින් වියාගෙන යන්න.

පියනකුත් වියාගත්තාම සම්පූර්ණයි.

 

19287total visits,12visits today

Add a Comment

Your email address will not be published. Required fields are marked *